වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී….

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇති විය හැකිය.

එමෙන්ම දිවයිනෙ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Jayani