
දකුණු අප්‍රිකාවට එල්ල වි තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම ක්‍රීඩකයන්ට සැප්තැම්බර් මාසයෙය්දි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි ආරම්භ වීමට නියමිත අයිපීඑල් තරඟාවලිය අහිමිවීමේ අවදානමක් මතු වී ඇත.
මේ වන විට දකුනු අප්‍රිකාවේ දේශ සීමා වසා දමා ඇති අතර විදේශ ගමන් සඳහා අවසර ලබා දීමක් ද සිදු නොවන තත්ත්වයක් තුළ, එය කෙතරම් කාලයක් පවතීද යන්න නිශ්චය කළ නොහැකි වන්නේ මේ වන විටත් ආසාධිතයන් හමුවීමේ අඩුවීමක් දක්නට නොලැබෙන නිසාය.සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 08 දා දක්වා පැවත්වෙන මෙම තරඟාවලියට සහබාගිවීමට ආරාධනා ලැබ තිබෙන්නේ පහත නම් සඳහන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ය.
ඒබී.ඩිවිලියර්ස්,ඩේල් ස්ටේන්,ක්‍රිස් මොරිස් (රෝයල් පන්ජාබ්) -පෆ් ලූ ප්ලෙසිස්,එන්ඩි ලුන්ගිඩ්,ඉම්රාන් තාහිර් (චෙන්නායි සුපර් කිංග්ස්) -ක්වින්ටන් ඩි කොක් (මුමුබායි ඉන්දියන්ස්) -ඩේව්ඩ් මිලර් (රාජස්ථාන් රෝයල්)-කගිසෝ රබාඩා (දිල්ලි කැපිටල්ස්) -හාඩස් විල්ජොයින් (කින්ග්ස් පන්ජාබ්)
