බ්‍රිට්නි ස්පියර්ස්ගේ කළමනාකරු සිය ධුරයෙන් ඉවත් වෙයි…

පසුගිය වසර 25 තුළ බ්‍රිට්නි ස්පියර්ස්ගේ වෘත්තියට මඟ පෙන්වූ ලැරී රුඩොල්ෆ් නම් වූ ඇයගේ කළමනාකරු සිය ධුරයෙන් ඉවත් වන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2008 සිය පළමු පටිගත කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට ස්පියර්ස් හට උදව් කළ ලැරී රුඩොල්ෆ් පැවසුවේ තාරකාව නිල වශයෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන නිසා තමාද ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

බ්‍රිට්නි ස්පියර්ස්ගේ පියා වන ජේමි ස්පියර්ස් සහ සම සංරක්‍ෂක ජෝඩි මොන්ට්ගොමරි වෙත ලිපියක් යවමින් රුඩොල්ෆ් ඉල්ලා අස්වීම සදහන් කොට තිබේ.

“බ්‍රිට්නි නිල වශයෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන බව අද මුලදී මට වැටහුණා. ඇගේ කළමනාකරු වශයෙන්, මගේ වෘත්තීය සේවා තවදුරටත් අවශ්‍ය නොවන බැවින් ඇයගේ කණ්ඩායමෙන් ඉල්ලා අස්වුනෙමි.”

එමෙන්ම “මම බ්‍රිට්නිට ලෝකයේ සියලු සෞඛ්‍යය හා සතුට ප්‍රාර්ථනා කරමි. මා සැමවිටම සිටි ආකාරයටම ඇයට නැවත මාව අවශ්‍ය නම් මම ඇය වෙනුවෙන් එහි සිටිමි” යනුවෙන් ඔහු අවසාන වශයෙන් පවසයි.

Recommended For You

About the Author: Jayani