අත්ලාන්තික් කුණාටු සමය අරඹමින් හැනා පැමිණෙයි

මෙම වසරේ අත්ලාන්තික් කුණාටු සමය අරඹමින් හැනා සුළි කුණාටුව ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය වෙතට සෙනසුරාදා කඩා වැදුණා.


මෙම කුණාටුව කඩා වැදුණ ප්‍රදේශය කොරෝනා වසංගතය හේතුවෙන් සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙන ප්‍රදේශයක්. එහෙත් කුණාටුවෙන් සිදුවන හානියට මුහුණදිය හැකි යයි බලධාරීන් විශ්වාසය පළ කළා.
හැනා කුණාටුව ළඟා වූයේ මීට වසර තුනකට පෙර හාර්වි සුළි කුණාටුවෙන් විනාශ වූ ප්‍රදේශ ආසන්නයටමයි.

එහෙත් හැනා සුළි කුණාටුව ගෙනදුන්නේ ඊට සාපේක්ෂව අඩු හානියක්.කෙසේ වෙතත් ධීවර වරායන් සහ වෙරළබඩ නගර වෙත සැලකිය යුතු හානියක් හැනා විසින් ගෙනදුන්නා

චාමර සුමනපාල





Recommended For You

About the Author: Editor