57%ක්වූ මෙරට කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීමට කැපවෙනවා – උදාර

රැකියාවක් කළ හැකි වයසේ පසුවන, එහෙත් රැකියාවක් නොමැතිව ගෙදරට වී සිටින කාන්තාවන් ලක්ෂ 8ක් පමණ අප රටේ සිටින බවත් ඔවුන්ව හරියට හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදී ඔවුන්ට ස්වයං රැකියාවක් කිරීමේ අවකාශය සලසා දීන අපේ රටේ දේශපාලන නායකයින්ගේ වගකීම බවත් මෙවර මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන උදාර රත්නායක මහතා අවධාරණය කරයි.

මෙරට ජනගහනයෙන් සියයට 57ක් නියෝජනය කරන කාන්තා පාර්ශවයෙන් රැකියාවක් නොකරන කාන්තාවන් සඳහා තමන්ගේ ජීවිතය මෙන්ම රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමා ඇපකැප වන බව උදාර රත්නායක මහතා සඳහන් කරයි.

එමෙන්ම විශාල අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව වුවද යමක් ඉගෙනගෙන කළ හැකි රැකියා බොහෝමයක් ඇති බවත් සාත්තු සේවය, ඡායාරූප ශිල්පය, රූපලාවණ්‍ය ශිල්පය, ගෙදර සිට ඇඳුම මැසීම, කෑම වර්ග සැකසීම, විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය, රෝස, ඇන්තූරියම්, ඕකිඩ් වැනි මල් වගාව, කාබනික එලවලු වගාව, විවිධ අත්කම් නිර්මාණ, රියදුරු වෘත්තීය, විදුලි කාර්මික වෘත්තිය වැනි රැකියාවල නියැලිය හැකි බවත් තමා පාර්ලිමේන්තුවට තේරී පත් වූ වහාම ඔවුන්ට රැකියා අවකාශය සකසා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන බවත් උදාර රත්නායක මහතා පවසයි.

Recommended For You

About the Author: Editor