ලාංකීය ගීතයේ නොමැකෙන හඩ….H.R ජෝතිපාල…..

ශ්‍රී ලාංකීය ගීතයේ හදවත නම් වූ H.Rජෝතිපාල කලාකරුවාණන් අප අතරින් වෙන්ව ගොස් අදට වසර 34 ක් සපිරෙයි…

1936 පෙබරවාරි 12 වන දින කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ මෙම කලාකරුවාණන් කුඩා අවධියේ සිටම ගායනයේ සහජ දක්ෂතා පෙන්වූ අයෙකි.

ඔහු මරදාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයේ සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

ජෝතිපාලගේ පවුලේ අයට ගුවන්විදුලියක් නොමැති බැවින් සංගීතය ඇසීමට තේ කඩවලට යන ඔහු කොළඹ ආමර් වීදියේ සුලෙයිමාන් රෝහලේ බෙහෙත් බෝතල් පිරිසිදු කරන්නෙකු ලෙසත් එම්.ඩී. ගුණසේන සහ සමාගමේ ලිපිකරු ලෙසත් සේවය කොට තිබේ.

පසුව ක්‍රමක්‍රමයෙන් කලා ගමන් මගට අවතීර්ණ වූ ඔහු ගීත රැසක් ලාංකීය ජනතාවට දයාද කරමින් 1987 ජූලි 7 එනම් අද වැනි දිනක දිවි ගමනින් නික්ම යයි.

ඔහු අප අතරින් නික්ම ගියත් ඔහුගේ හඩ ශ්‍රී ලාංකීකයන්ගේ හදවත් තුළ කිසිදා නොමැකේවි.

Recommended For You

About the Author: Jayani