පීඩාවට පත් විදේශගත ලාංකිකයින් වෙනුවෙන් ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, ආගමන හා විගමන පාලකවරයා නම් කර තිබේ.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටියේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මැද පෙරදිග ඇතුළු විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවය.

එලෙස පීඩාවට පත්වූ හතළිස් දෙනෙකු පමණ මේ වන විට විදේශවල දී මියගොස් ඇතැයි සඳහන් පෙත්සම්කාර කොඩිතුවක්කු මහතා විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයින්ට නැවත සිය මාතෘ භූමියට පැමිණීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් පවතින බව පෙන්වා දුනි.

Recommended For You

About the Author: Editor