රහසිගත තොරතුරු කියන්න පොලීසියෙන් කෙටි දුරකථන අංක 2 ක්

පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලබාදීම සඳහා 1997 දුරකථන අංකය හඳුන්වාදී ඇති බවයි.

එමෙන්ම, අපරාධ කල්ලි සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු ලබාදීම සඳහා 1917 දුරකථන අංකය ද හෙට සිට හඳුන්වා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ.

Recommended For You

About the Author: Editor