ඉරාකය ISIS ත්‍රස්තයින් මර්ධනය කිරීමේ මෙහෙයුමේ සිව්වන අදියර අරඹයි

ඉරාකය ISIS ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමේ මෙහෙයුම්වල සිව්වන අදියර දියාලා ප්‍රාන්තයේදී දියත් කරනු ලැබුණා.
මැයි මාසයේදී එහි පළමු පියවර අන්බාර්, නිනවේ හා සලහ්-උද්දීන් ප්‍රාන්තවලද ජූනි මාසයේ මුලදී එහි දෙවන අදියර සලහ්-උද්දීන් ප්‍රාන්තයේ ද දියත් කෙරුණා. මෙහෙයුනේ තුන්වන අදියර ද ජූනි මස අවසානයේ උතුරුදිග ඉරාකයේ ක්‍රියාවට නැගුණා.


ඉරාකය තුළ ISIS පාලනය යටතේ වූ ප්‍රදේශයන් 2017 දෙසැම්බර් මාසයේදී මුදාගෙන අවසන් වුවද කාන්තාර සහ කඳුකර ප්‍රදේශයන්ට පසුබැසගිය ඇතැම් සටන්කාමීන් තවමත් එහි ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ඉරාක කුර්දිස්ථාන මායිම ආශ්‍රිතව වන කඳුකරය ඔවුනට හොඳ සැඟවුම් ස්ථානයක් වී තිබෙනවා. ඉරාක මධ්‍යම රජය හා කුර්දිස්ථානය අතර වන මතභේද හේතුවෙන් මෙම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය එතරම්ම හොඳ මට්ටමක නොමැති වීම ත්‍රස්තවාදීන්ට වාසියක් වී තිබෙනවා.


ඉරාක සන්නද්ධ අංශ විසින් කරන මෙහෙයුමට ෂියා මුස්ලිම් මිලීෂියා කණ්ඩායමක් වන හෂ්ද් අල්-ශාබි සන්ධානය ද හවුල් වනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor