තලෙයිමන්නාරමෙන් හඳුනානොගත් මල සිරුරක් හමුවෙයි

තලෙයිමන්නාරම පරණ පාලමේ දකුණු ඉවුර ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී හඳුනානොගත් මල සිරුරක් හමුව තිබෙනවා.

අද උදෑසන නාවික හමුදාව විසින් කළ දැනුම්දීමකට අනුවයි පොලිසිය විසින් මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.

අදාළ මලසිරුර සම්බන්ධයෙන් තලෙයිමන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් මේ වනවිට කරුණු වාර්තාකර තිබෙනවා.

තලෙයිමන්නාරම පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Recommended For You

About the Author: Editor