බලගතු සූර්ය කුණාටුවක් වේගයෙන් පෘථිවියට….

බලගතු සූර්ය කුණාටුවක් කිලෝමීටර් මිලියන 1.6 ක වේගයෙන් පෘථිවියට ළඟා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුණාටුව ඉරිදා හෝ සඳුදා පෘථිවියට ළගාවනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනයට අනුව සූර්ය කුණාටුව පැයට කිලෝමීටර් මිලියන 1.6 ක වේගයකින් පෘථිවිය දෙසට ගමන් කරන අතර සමහර විට එහි වේගය තවදුරටත් ඉහළ යනු ඇති බව සදහන් කරයි.

එමෙන්ම සූර්ය කුණාටු හේතුවෙන් චන්ද්‍රිකා සංඥා වලට බාධා ඇතිවිය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

මේ පිලිබද Spaceweather.com වෙබ් අඩවිය සදහන් කළේ සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ පිටත වායුගෝලය රත් වන බවයි.

මෙමගින් gps , ජංගම දුරකථන සංඥා සහ සැටලයිට් ටීවී සංඥාවලට ද බාධා ඇති විය හැකි අතර විදුලි රැහැන් වල ධාරාව ඉහළ යා හැකිය. ඉන් ට්‍රාන්ස්ෆෝමර් පවා පිපිරීමකට ලක්වනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සූර්ය කුණාටුව හේතුවෙන් උතුරු හෝ දකුණු ධ්‍රැවයේ වෙසෙන ජනයා සඳහා අලංකාර ආකාශ ආලෝක දර්ශනයක් දැකගත හැකි වනු ඇත.

Recommended For You

About the Author: Jayani