ජනාධිපතිවරණයෙන් පසු රටේ නීතිය ක්‍රියාත්මක වන අයුරු සැකයි – රුවන්

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව එ.ජා.ප නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා චෝදනා කරනවා. ඔහු පවසන්නේ රටේ නීතිය කුඩුකර, දිය කර තම තමන්ට කැමති මෝස්තර අඳිමින් පාට කරමින් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.
වරදකරුවන් ලෙස සමාජගත වූ කණ්ඩායම් සහ ආණ්ඩුවේ දේශපාලකයින් වත්මන් රජය යටතේ යහපත් පුද්ගලයන් ලෙස පෙනී සිටීමට අවශ්‍ය නීතිමය වටපිටාවක් සකස් කර ගැනීමේ උත්සාහයක නිරතවන බව ද සදහන් කළා.

Recommended For You

About the Author: Editor