කියුබානු විරෝධතාකරුවන්ගේ එක් ඉල්ලීමක් ඉටු වෙයි….

මෑතදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව කියුබාව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන තීරු බදු තාවකාලිකව ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලබන සඳුදා වන විට, වසර අවසානය දක්වා සංචාරකයින් විසින් ගෙන එන එවැනි භාණ්ඩ සඳහා සීමාවක් නොමැති බව වැඩිදුරටත් සදහන් වේ.

ආහාර හා ඖෂධ හිඟය, මිල වැඩි කිරීම සහ රජය විසින් කොවිඩ් -19 හැසිරවීම සම්බන්ධයෙන් විරෝධතා දක්වමින් දහස් ගණනක් ඉරිදා වීදි බැස තිබෙන අතර ඔවුන් සතුව තිබූ එක් ඉල්ලීමක් වනුයේ කියුබාවට පැමිණෙන ජනතාව බදු නොගෙවා සැපයුම් ගෙන ඒමයි.

ඉරිදා නොසන්සුන්තාව ආරම්භ වූ දා සිට රට පුරා දුසිම් ගනනක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව බලධාරීන් අඟහරුවාදා තහවුරු කොට තිබේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *