කඳුකර අයිෆල් කලාපයේ තවත් බොහෝ දෙනෙක් අතුරුදහන්…

බටහිර ජර්මනියේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට පොලිසිය සදහන් කරයි.

නිවාස කිහිපයක් කඩා වැටී ඇති අතර කඳුකර අයිෆල් කලාපයේ තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇති බව SWR වාර්තා කරයි.

රයින් ගඟට ගලා බසින අහ්ර් ගගේ බොන් නගරයට දකුණින් පිහිටි ගං ඉවුරක් ගංවතුරට ගොදුරු වී තිබේ.

අතරමං වූ නිවැසියන්ට උපකාර කිරීම සඳහා හමුදාව සමහර ප්‍රදේශවලට යොදවා තිබේ.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අයිෆල් කලාපයේ ඇඩෙනෝ නගරය අසල නිවාස 25 ක් පමණ කඩා වැටීමේ අවදානමක් පවතින බව SWR වාර්තා කරයි.

ප්‍රදේශයේ සමහර නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බෝට්ටුවකින් තවදුරටත් ළඟා විය නොහැකි බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, බොන් හි ඊසාන දෙසින් පිහිටි ප්‍රදේශයක ගිනි නිවන භටයන් දෙදෙනෙකු බදාදා මිය ගොස් තිබේ.

එහිදී එක් අයෙකු දියේ ගිලී මියගිය අතර අනෙක් පුද්ගලයා ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Recommended For You

About the Author: Jayani