
අල්-ගසීර් ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා කණ්ඩායමක් දෙසට ලෙබනනය දෙස සිටි හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමක් පහර දී තිබෙනවා. මෙහිදී ඊශ්‍රායල හමුදා ප්‍රතිප්‍රහාර විසින් හිස්බුල්ලා කණ්ඩායම විනාශ කරනු ලැබුණ බව ලෙබනන ආරක්ෂක අංශ මූලාශ්‍රයක් රුසියාවේ ස්පුත්නික් මාධ්‍ය ආයතනය හා පවසා තිබෙනවා.
මේ අතර දේශසීමාව හරහා කඩාවැදීමට උත්සාහ කළ හිස්බුල්ලා කණ්ඩායමක් විනාශ කළ බවත් තමන්ට හානි සිදු නොවූ බවත් ඊශ්‍රායල සන්නද්ධ බලකා ප්‍රකාශ කළා.
ෂබා ගොවිපල ප්‍රදේශයේ ද දරුණු සටන් ඇවිලගොස් ඇතැයි වාර්තා වුණා. ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් ලෙබනනයේ කෆෙර්ෂුබා දෙසට ද එල්ල වූ බව වාර්තා වුණා.
මෙම ගැටුම් ඇතිවූයේ ලෙබනන – ඊශ්‍රායල දේශසීමා ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය අතරතුරයි. ඩමස්කස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකදී හිස්බුල්ලා සටන්කාමියකු මියගිය පසු එම සංවිධානය එකට එක කරනු ඇතැයි බියක් මතු වුණා. එහෙයින් ඊශ්‍රායලය ලෙබනන දේශසීමාවේ හමුදා තර කළ අතර ලෙබනනය ද සිය හමුදා ප්‍රදේශයට යැවීමට කටයුතු කළා.
