හෙරොයින් වැටලීමකදී සැක කටයුතු යතුරු පැදි 03ක් හමුවේ (VIDEO)

විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශය වෙත ලැබුණ  තොරතුරක් මත එම කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක්, විසින් කරන ලද පරික්ෂාවකදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදි දෙකක් සහ,ශ්‍රී ලංකාවේ භාවිතයට ගත නොහැකි ලියාපදිංචි නොකළ යතුරු පැදියක් අත් අඩංලුවට ගෙන ඇත.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කාරියක සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කලපලුවාව, රාජගිරිය පන්සල පාරේ ස්ථානයක් පරික්ෂා කිරීමේදී මෙම යතුරුපැදි සොයාගෙන තිබේ.මෙම යතුරු පැදි සමඟ 32 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගෙන ඇත.

අංක XL 3481 ලෙස ව්‍යාජ අංක තහඩු සහිත YAMAHA වර්ගයේ නිල් හා කළු පැහැති චැසි අංක YM 83111 වන එන්ජින් අංක 399 CM 2H600 දරණ යතුරු පැදිය.
අංක VS 3911 ලෙස ව්‍යාජ අංක තහඩු සහිත HONDA ක්ලබ් මෑන් වර්ගයේ කළු පැහැති චැසි අංක MC-10-1106861 වන එන්ජින් අංක MC10E-1106871 දරණ යතුරු පැදිය.
ලියාපදිංචි අංක තහඩු නොමැති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ධාවනය සදහා ලියාපදිංචි කල නොහැකි ඉහල එන්ජින් ධාරිතාවයකින් යුතු යැයි සැක සහිත HONDA S.U වර්ගයේ කළු පැහැති චැසි අංක NC-34-2230150 වන එන්ජින් අංක NC-25E-663036 දරණ යතුරු පැදිය මෙසේ අත් අඩංගුවට පත් වී තිබේ.

Recommended For You

About the Author: Editor