
තමන්ට G-7 කණ්ඩායමට නැවත ඇතුලත්වීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නැතැයි ද රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් කියා සිටිනවා.
ඔහු මෙම ප්‍රකාශය කළේ G-7 කණ්ඩායමට නැවත රුසියාව එක්වීම කෙරෙහි තමන් විරුද්ධ බවට ජර්මන් විදේශ ඇමති හයිකෝ මාස් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.
පෙස්කෝෆ් කියා සිටියේ රුසියාව පවතින G-20 රටවල එකමුතුව තුළ කටයුතු කිරීමෙන් සෑහීමකට පත්වන බවයි.
හයිකෝ මාස්ගේ ප්‍රකාශයට හේතු වූයේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී කළ ප්‍රකාශයක්. G-7 රටවල ඊළඟ සමුළුවට රුසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හා දකුණු කොරියාව යන රටවල් ද ගෙන්වාගත යුතු යයි ඔහු අදහසක් පළ කර තිබුණා. ඔහු කියා සිටියේ පවතින G-7 සංයුතිය විසින් ලෝකයේ සිදුවන දේ නිරූපණය නොකරන බවයි.
G-7 එකමුතුව මුලින්ම නිර්මාණය කෙරුනේ ධනවාදී ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හත නියෝජනය කිරීමටයි. 1998 දී රුසියාව ඊට එක් වුණා. ඒ අනුව එය G-8 එකමුතුව බවට පත් වුණා. 2014 දී G-7 සමුළුව රුසියාවේ සෝචි හි පැවැත්වීමට නියමිත වූ නමුත් යුක්‍රේන අර්බුදය හේතුවෙන් අනෙක් රටවල් රුසියාවට විරෝධය දක්වා බ්‍රසල්ස් නගරයේදී රැස්වුණා. එයින් පසු එම එකමුතුව යළි G-7 බවට පත් වුණා.
