රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ

නුව සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉකුත් 12 වැනිදා සිට රාජාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබුණි.

අදාළ ප්‍රදේශවල නිරෝධායන කාලසීමාවන් අවසන් වීමත් සහ සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කර තිබේ.

යාය 3 , 4 , 5 සහ 6 ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවූහොත් ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශවල ද සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි.

Recommended For You

About the Author: Editor