බැග්ඩෑඩ් පිපිරුමේ වගකීම ISIS භාර ගනී…මියගිය හා තුවාල ලැබූවන් අතර ළමුන් සහ කාන්තාවන්….

ඉරාක අගනුවර කාර්යබහුල වෙළඳපොළකදී සඳුදා සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් ISIS වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිපිරීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

මියගිය හා තුවාල ලැබූවන් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන් පවසයි.

මෙම පිපිරීම සිදුව ඇත්තේ බැග්ඩෑඩයට නැගෙනහිරින් පිහිටි මුස්ලිම් ෂියා අසල්වැසි ප්‍රදේශයක් වන සාදර් නගරයේ වහයිලට් එළිමහන් වෙළඳපොලේ ය.

මෙම පිපිරීමෙන් සාප්පු හා වෙළඳසැල් රැසකට ද හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඉස්ලාමීය ආගමික උත්සවයක් වන ඊද් අල්-අදා සැමරීමට සූදානම් වන වෙළඳසැල් වෙනත් බොහෝ පොදු ස්ථාන මෙන් පිරී තිබුණ බව සදහන් වේ.

ඉරාක හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පිපිරීමට හේතුව වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍යයක් (අයිඊඩී) බවයි.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැවසුවේ පිපිරීමට හේතුව තවමත් නිශ්චය කර නොමැති බැවින් පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතින බවයි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *