
ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක රොබර්ට් ඕ’බ්‍රයන්ට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.
කෙසේ වෙතත්, ධවල මන්දිරය පවසන්නේ මේ හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති මයික් පෙන්ස්ට වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බවයි.
ඕ’බ්‍රයන් පිටත ස්ථානයක සිට රාජකාරි කරන බවත් ඔහු සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ධවල මන්දිරය කියා සිටියා. ඔහු ගිය සතියේ සිට සිය කාර්යාලය වෙත නොපැමිණි බවත් වෛරසය ආසාදනය වන්නට ඇත්තේ සිය පවුල සමග පිටත ස්ථානයක නිවාඩුවක් ගත කරද්දී වියහැකි බවත් විශ්වාස කෙරෙන බවයි බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනය පැවසූයේ
මේ වනවිට ඇමරිකාවේ කොරෝනාවෛරසය ආසාදනය වූවන් මිලියන 4.2 ඉක්මවා තිබෙන අතර එරට එම වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 146,000 ඉක්මවා ගියා.
