
ශ්‍රී ලංකා රජය සමග, හවුල් ව්‍යාපෘතියක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සැලැස්ම ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ගුවන්සේවා මධ්‍යස්ථානය පවසන්නේ, දේශපාලනිකව මෙවැනි ව්‍යාපෘති ඉන්දියාවේ අභිලාශයක් වුවත්, මෙම තීරණය පුදුමය දනවන බවය.
ඒ අනුව වාණිජ ගුවන් යානා ආකර්ශණය කිරීමට අසමත් ගුවන් තොටුපොළවලට උදාහරණ සපයන ව්‍යාපෘති අතරට ස්පාඤ්ඤයේ මෙන්ම ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ ද පෙන්වා දිය හැකි බව ගුවන් සේවා මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේය.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ චීන එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 210 ක ණය මුදලකිනි.