ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයට දැඩි බලපැම්… පුද්ගලයින් 12 දෙනෙකු මියයයි…

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයේ ඇතැම් ප්‍රදේශවලට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් මිනිසුන්ට තම නිවෙස්වලින් පිටව යාමට නියෝග කොට තිබේ.

ගංවතුර ආරම්භ වූ දා සිට ෂෙන්ෂෝ නගරයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව එහි බලධාරීන් සදහන් කරයි.

වාර්තාගත වර්ෂාපතනයෙන් පසු හේනාන් පළාතේ 10,000 කට අධික පිරිසක් නිවාසවලින් ඉවත් කර කදවුරු වෙත ගෙන ගොස් තිබෙන අතර ප්‍රධාන මාර්ග වසා දැමීම සහ ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් නගරයේ අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව සදහන් වේ.

මිලියන 94 ක පමණ ජනගහනයක් වෙසෙන හෙනන් පළාත අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වැසි සමයකින් පසු ඉහළම මට්ටමේ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වැඩිදුරටත් සදහන් කරයි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *