එක්සත් ජනපදයේ කොවිඩ් -19 රෝගීන්ගෙන් 83% ක් ඩෙල්ටා ආසාදිතයන්….

එක්සත් ජනපදය පුරා COVID-19 රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පසුගිය මාසයේදී රට පුරා නව ආසාදන 120% කින් වැඩි වී ඇති අතර සීඩීසී අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම ආසාදිතයන් අතරින් ඩෙල්ටා ප්‍රභේදය වැළදී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 83% ක් පමණ වන බවයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සෙනෙට් සෞඛ්‍ය කමිටුව හමුවේ වේල්ස්න්කි කියා සිටියේ සීමිත එන්නත් ආවරණය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශයන්වල කොවිඩ් ව්‍යාප්තිය වැඩි වෙමින් තිබෙන බවයි.

එහිදී කෝවිඩ් -19 මරණවලින් අති බහුතරයක් අනාරක්ෂිත ජනගහනය තුළ සිදු වන බැවින් උපරිම පුද්ගලයින් ගණනකට එන්නත ලබා දීමේ අවශ්‍යතාවයත් පිලිබදව ඇය අවධාරනය කරයි.

එක්සත් ජනපදය මේ වන විට ජනගහනයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් එන්නත් කර ඇති බව සදහන් වේ.

ඒ අනුව අඩුම එන්නත් ප්‍රමාණයක් සිදු කර ඇති ප්‍රාන්ත ලෙස ඔක්ලහෝමා, මිසූරි, ආකැන්සාස්, ඇලබාමා, ලුසියානා සහ මිසිසිපි යන ප්‍රාන්ත නම්කර තිබේ.

එක්සත් ජනපදයේ මිලියන 34.1 කට වැඩි පිරිසක් මේ දක්වා වෛරසය ආසාදනය වී ඇති බවත් 609,000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත මගින් අනාවරණය වී තිබේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *