තවත් කොවිඩ් ආසාදිතයින් 120 ක්… ඒ අතර ඩෙල්ටා වෛරසය ආසාදිතයින්…

කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු පුද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් හමුවී තිබෙන බව වාර්තා වේ.

එසේ කොවිඩ් ආසාදිතයින් හමුවී ඇත්තේ කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවකින් අතර එහි සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බව සදහන් වේ.

ඒ අනුව ඉකුත් දින කිහිපය තුළ මෙම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් ජූලි 19 වන දා එහි අංශ කිහිපයක සේවක සේවිකාවන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර තවත් සේවක සේවිකාවන් 20 දෙනෙකුගේ ලබා ගත් ජෛව සාම්පල් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

එහිදී PCR පරීක්ෂණවලින් සේවක සේවිකාවන් 109 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් මේ අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීමේදී එයින් පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය ආසාදිත වී ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බවයි වේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *