මාරාන්තික කළු දිලීර රෝගයෙන් ජිවිත අහිමි වූවන් ගණන 4300 ඉක්මවයි…

ඉන්දියාවේ මාරාන්තික “කළු දිලීරය” හේතුවෙන් පුද්ගලයින් 4,300 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මැන්ඩාවියා පැවසුවේ ඉන්දියාවේ මුකෝර්මිකෝසිස් නම් දුර්ලභ හා භයානක රෝගීන් 45,374 ක් වාර්තා වී ඇති බවයි.

එහිදී ආසාදිතයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන් වේ.

වෛද්‍යවරුන් පවසන්නේ දිලීරයට කෝවිඩ්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ස්ටෙරොයිඩ් හේතුවෙන් දියවැඩියා රෝගීන් විශේෂයෙන්ම අවදානමකට ලක්ව ඇති බවයි.

රෝගයට එරෙහි එකම ඖෂධය දිලීර නාශක එන්නතක් බව වෛද්‍යවරු පවසයි.

මෙහිදී “කළු දිලීරය” හේතුවෙන් දරුණු ලෙස බලපෑමට ලක්වූ ප්‍රාන්ත දෙක වන්නේ මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ය.

කුඩා රෝහල්වල සහ ග්‍රාමීය ප්‍රදේශවල රෝග විනිශ්චය කිරීම අසීරු වූ හෙයින් විශාල නගරවල රෝහල් වෙත පැමිණ ඇත්තේ රෝගීන්ගෙන් සුළු ප්‍රමාණයක් වන බවත් රෝහලකට යාමට පෙර බොහෝ රෝගීන් මෙම රෝගයෙන් මිය ගොස් ඇති බවත් වෛද්‍යවරුන් පවසයි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *