රිය අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 7ක් 8ක් හෝ 10 ක් දක්වා මිය යාමේ ප්‍රවණතාවක්…..

ඊයේ දිනයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

ඉන් මරණකරුවන් තිදෙනෙකු යතුරුපැදිවල ගමන් කළ පිරිස් බවත් තවත් දෙදෙනෙක් ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයින් බවත් රිය අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති අනෙක් දෙදෙනා පදිකයින් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තවද දෛනිකව පුද්ගලයින් 7ක් 8ක් හෝ 10 ක් රිය අනතුරු හේතුවෙන් මිය යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *