මීගමුව බන්ධනාගාර අධිකාරී සම්පායෝගේ රීට් පෙත්සම අද සලකා බැලේ

රැඳ­වි­ය­කුට ශීත­ක­ර­ණ­යක් ලබා­දීම සම්බ­න්ධ­යෙන් චෝදනා කර­මින් වැඩ තහ­න­ම­කට ලක් කර ඇති තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන ලෙස ඉල්ලා මීග­මුව හිටපු බන්ධ­නා­ගාර අධි­කාරී අනු­රුද්ධ සම්පායෝ මහතා ගොනු­කළ රිට් පෙත්සම අද (28) සලකා බැලී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (27) තීර­ණය කෙළේය.

මේ පෙත්ස­ම්කරු දෙවැනි වරට ගොනු කළ පෙත්ස­මෙහි පිට­පත් නීති­ප­ති­ව­ර­යාට ඊයේ (27) උදෑ­සන වන­විට ලැබී නොති­බීම නිසා පෙත්සම වෙනත් දින­යක කැඳ­වී­මට නියම කෙරිණි.

අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු ඒ.එච්.එම්. බී.නවාස්, සෝභිත රාජ­ක­රුණා යන විනි­සුරු මඬුල්ල හමු­වෙහි මේ පෙත්සම කැඳ­වන ලදී.

Recommended For You

About the Author: Editor