තරමක තද සුළං ඇති විය හැකියි …..

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව සඳහන් කරයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකර බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, වව්නියා, කිලිනොච්චි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *