තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට…

අද (22) අලුයම චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ.

එම මාත්‍රා ලක්ෂ 20 ද සමග මේ දක්වා මෙරටට ගෙන එන ලද සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 91 දක්වා ඉහළ යන බවත් ඉදිරි සති දෙක තුළ තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් මෙරටට ලැබීමට නියමිතව තිබෙන බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *