ෂෙන්ෂෝ හි ගංවතුර හේතුවෙන් මිය ගිය පිරිස 25 දක්වා ඉහළට….

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයේ හේනාන් පළාතේ අගනුවර වන ෂෙන්ෂෝ හි ගංවතුරට හසු ව උමං මාර්ගයක සිරවී සිටි 12 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් පළාත පුරා ඉහළම මට්ටමේ හදිසි අනතුරු ඇඟවීමේ නිකුත් කර ඇති අතර ජලයෙන් යට වූ උමං මාර්ග, හෝටල් සහ පොදු ස්ථානවල සිරවී සිටින අය බේරා ගැනීම සඳහා PLA සංවිධානය යොදවන ලෙස ජනාධිපති ෂී ජින්පින් බදාදා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

තවද ගංවතුර පාලනය සහ ඉවත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා පළාත් පාලන ආයතනවලට උපකාර කිරීමට PLA විසින් කාර්ය මණ්ඩලය 3,000 ක් යොදවා තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

මිලියන 12 ක පමණ ජනගහනයක් සහිත ෂෙන්ෂෝ නගරයේ උමං මාර්ගයක සිටින පිරිසක් ගංවතුරට කොටු වී සිටින ආකාරය ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට විදෙස් මාධ්‍යයේ පළ වෙමින් තිබේ.

Recommended For You

About the Author: Jayani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *