රාජ්‍ය ළමා චිත්‍ර උලෙළට අය­දු­ම්පත් භාර­ගැනේ

බුද්ධ ශාසන සංස්කෘ­තික සහ ආග­මික කට­යුතු අමා­ත්‍යාං­ශය, සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩ­ල‍ෙය් රාජ්‍ය දෘශ්‍ය කලා අනු­ම­ණ්ඩ­ලය එක්ව සංවි­ධා­නය කරන 2020 රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ හා 2020 රාජ්‍ය චිත්‍ර මූර්ති උලෙළ සඳහා නිර්මාණ භාර ගැනීම 2020 අගෝස්තු මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.

සිය­ලුම අය­දු­ම්ක­රු­වන් සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව විසින් නිකුත් කරන ලද අය­දු­ම්පත නිසි පරිදි සම්පූර්ණ කර 2020 අගෝස්තු මස 15 දිනට පෙර 2020 රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ සඳහා වූ නිර්මාණ කොළඹ 07 , ජාතික කලා භවන යන ලිපි­න­යට තැපෑ­ලෙන් හෝ ගෙනැ­විත් භාර­දිය හැක. අදාළ අය­දු­ම්පත හා සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව දෘශ්‍ය කලා අනු­ම­ණ්ඩ­ලය 8 වන මහල, සෙත්සි­රි­පාය, බත්ත­ර­මුල්ල යන ලිපි­න­යෙන් ලබා­ගත හැකිය. මීට අම­ත­රව දිව­යින පුරා ඇති සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­ය­කම සංස්කෘ­තික නිල­ධා­රීන් මගින් හෝ www.culturaldept.gov.lk යන වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් අදාළ අය­දු­ම්පත් හා ව්‍යව­ස්ථාව ලබා­ගැනීමේ හැකි­යාව තිබේ.

මේ සම්මාන උලෙළ පිළි­බ­ඳව වැඩි විස්තර 0112882551 යන දුර­ක­තන අංක­යට ඇම­තී­මෙන් ලබා ගත හැකිය.

Recommended For You

About the Author: Editor