මට ලැබෙන සෑම මනා­ප­යක් වෙනු­වෙන්ම පැළ­යක් සිටු­ව­නවා – ගම්මන්පිල

ඉදිරි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේදී තමන්ට ලැබෙන සෑම මනා­ප­යක් වෙනු­වෙන්ම පැළ­යක් සිටුවන බව හිටපු පාර්ල­මේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්ම­න්පිල මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ ඊයේ ( 27) පරි­ස­ර­වේ­දීන් ඉදි­රියේ පොරො­න්දු­වක් ලබා දෙමිනි. මෙය ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර කෝට්ටේ දිය­සරු උය­නේදී පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මැති­ව­රණ තමයි පරි­ස­රයේ මාරයා බවට පත් වෙලා තිබෙන්නේ. පරි­සර ඇමැ­ති­ව­රුන්, පරි­සර අධි­කා­රි­වල හිටපු සභා­ප­ති­ව­රුන් මැති­ව­ර­ණ­යට ආ විට පරි­ස­රය අම­තක වෙනවා. කාල­යක් පොලි­තින් ටොන් ගණ­නින්, පෝස්ටර් කෝටි ගණ­නින් පරි­ස­ර­යට එකතු වුණා. අප දන්නවා පෝස්ටර් එකක ආයු කාලය පැය කිහි­ප­යයි. නැති­නම් දින කිහි­ප­යයි. වැසි කාල­යට මේ පෝස්ටරේ තිබෙන විස රසා­යන පරි­ස­ර­යට එකතු වෙනවා. පෝස්ටර් සෑදී­මට ලක්ෂ ගණ­නින් ගස් කැපෙ­නවා. රතිඤ්ඤා හරහා ශබ්ද දූෂ­ණ­යක් විත­රක් නොව එහි අඩංගු විස ද්‍රව්‍ය­යත් පරි­ස­ර­යට එකතු වෙනවා. මේ සියල්ල ම නිසා මැති­ව­රණ කාලයේ පරි­ස­රය දුෂ­ණය වී දැවැන්ත විනා­ශ­යක් සිදු වෙනවා

Recommended For You

About the Author: Editor