
ඊයේ (25) පොලීසියට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේදී ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන සකස් කළ ස්ථානයක් වටලා තිබෙන බව වාර්තා වේ.
එහිදී එම ස්ථානයේ සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ හැඳුනුම්පත් 5ක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ කඩදාසි 90ක් ද සොයාගෙන තිබෙන අතර
පොලීසිය සඳහන් කළේ මෙම ස්ථානයේ විවිධ ලිපි ලේඛන සකස්කර ඇති බවට සාක්ෂි පවතින බවයි.