
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන්ට මෙවර ආරාධනා නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
යුරෝපා සංගමය ඇතුළු විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් මෙරටට ගෙන්වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය මීට පෙර යොමුවී තිබිණි.
මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ නිරීක්ෂකයන් නොකැඳවීමට තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.