
මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමේ කාලය අගෝස්තු මස 2 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
නමුත් අගෝස්තු මස 03 වැනිදාද පස් දෙනෙකුට නොවැඩි පිරිසකට නිවසින් නිවසට ගොස් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.
නිහඬ කාලය නොපවත්වන බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී එකඟතාවකට පැමිණ ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා පැවැසීය.
කෙසේ වෙතත් අගෝස්තු මස 03දා හා 04දා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් පළකළ නොහැකිය.එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවලදී ප්‍රදර්ශනය නොවන ආකාරයට අත් පත්‍රිකා බෙදීම තහනම් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.