ජර්මනියේ රසායනික කම්හලක පිපිරීමක්…16 දෙනෙකු තුවාල ලබයි.

ජර්මනියේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම ප්‍රාදේශීය වේලාවෙන් 09:40 ට (GMT 07:40) සිදුවූ අතර මෙහිදී පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව ලිවර්කුසන් නගරයේ නිලධාරීහු පවසයි.

පිපිරීමෙන් හටගත් ගින්න පැය කිහිපයක් පැවති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශ‍යේ කළු දුමාරයක් ද දක්නට ලැබී තිබේ.

එහිදී පොලිසිය ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ ජනේල සහ දොරවල් වසා තබන ලෙසයි.

Recommended For You

About the Author: Jayani