
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ පෞද්ගලිකකරණයට එරෙහිව සිය පාර්ශ්වයෙන් රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඇතුළත් සංදේශයට රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති හෙයින් මහා සංඝරත්නය ප්‍රමුඛව අද (28 වැනිදා) කොළඹ වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණයක් සහ විරෝධතාවක් පවත්වන බව වරාය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ පවසන්නේ පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර තිබියදීත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවසරය ආණ්ඩුව විසින් ලබානොදෙන බවයි.
අද පැවැත්වෙන විරෝධතාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහ තවත් භික්ෂූන් වහන්සේ 200 නමකගේ පමණ සහයෝගය ලැබෙන බවත්, අද (28 වැනිදා) දිවයින පුරා විරෝධතා ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.