දහස් ගණනක් විදේශිකයන් ඉන්දුනීසියාවෙන් පිටව යයි…

ආසියාව තුළ දෛනිකව වැඩිම කොවිඩ් රෝගින් ගණනක් වාර්තා වන ඉන්දුනීසියාවේ දරුණු ලෙස පැතිර යන  කොරොනා වසංගතය සහ එන්නත් හිඟය හේතුවෙන් දහස් ගණනක් විදේශිකයන් ඉන්දුනීසියාවෙන් පිටත්ව ගොස් ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද ගුවන් තොටුපල වාර්තා පෙන්වා දෙයි.

මෙම මස මුල සිට විදේශීය ජාතිකයන් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් ජකර්තා අගනුවර පිහිටි සොකර්නෝ-හත්ත ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා පිටත්ව ගොස් ඇති බව සදහන් වේ.

ගුවන්තොටුපල සංඛ්‍යාලේඛනවලට අනුව ජපාන හා චීන ජාතිකයින් පිළිවෙලින් පුද්ගලයන් 2,962 ක් සහ 2,219 ක් ද දකුණු කොරියානු පුරවැසියන් 1,616 ක් ද ඇමරිකානුවන් 1,425 ක් මෙන්ම ප්‍රංශ 842 ක්, රුසියානු 705 ක්, බ්‍රිතාන්‍ය 700 ක්, ජර්මානු 615 ක් සහ සෞදි අරාබි පුරවැසියන් 546 ක් එලෙස පිටත්ව ගොස් තිබේ.

Recommended For You

About the Author: Jayani