පශ්චාත් කොවිඩ් යුගයේ රට කරවීමට ශක්තිමත් විධායකක් ඕන – මොරගොඩ

පශ්චාත් කොවිඩ් යුගයේදී එල්ල විය හැකි සමාජ, ආර්ථික හා ජාත්‍යන්තර අභියෝගවලට ඉක්මන් විසඳුම් අවශ්‍ය වනු ඇති බවත්, ඉක්මනින් ඵලදායී තද තීරණ ගැනීමට ශක්තිමත් විධායකයක් රටට අවශ්‍ය බවත් හිටපු ඇමැති මිලින්ද මොරගොඩ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරියේදී අනුගමනය කරන ව්‍යුහය හෝ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කර නැති බවද හෙතෙම සඳහන් කරයි. මනාප ක්‍රමය අහෝසි කර ආසන ක්‍රමය නැවත ඇති කළ යුතු බවත් පළාත් සභා පලක් නැති බවත් ඔහු පවසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය සම්බන්ධයෙන් පවතින දුර්වලතා හේතුවෙන් ක්‍රියාකාරීත්වය අඩාළ වී සමහර අංශ අක්‍රිය විය හැකි බව පෙන්වා දෙන මොරගොඩ මහතා පාර්ලිමේන්තුවට වගකියන ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් ඇති කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කල්පනා කළ යුතු බවද පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor