ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක ශ්‍රී ලාංකිකයින් 700ක් හිරවේ

ජෝර්දානයේ අල්කාරා කැමවෙල්දා කර්මාන්ත පුරයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් 700ක් කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව එම කර්මාන්ත ශාලාව තුල සිරවී ඇතැයි වර්තාවේ. මොවුන් සම්බන්ධයෙන් සොයා බැලීමට එම කර්මාන්ත ශාලාවට ගිය තානාපති කාර්යාල නිලධාරීන් හා ශ්‍රමිකයින් අතර සිදුවූ බහින් බස් වීම පාලනය කිරීම සදාහා ජෝර්දාන් පොලීසිය කදුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය.

පොලිස් ප්‍රහාරය හේතුවෙන් ලාංකිකයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇත. උග්‍ර ආහාර හා පානිය ජල අර්බුධයකට මුහුණ දී ඇති මෙම ලාංකිකයින් පවසන්නේ හැකි ඉක්මනින් තමන්ව මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු මුහුණු පොතේ පලකල අදහසක් පහතින් ඇත.

Recommended For You

About the Author: Editor