
මේවනවිට තාවකාලික ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන අය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය ට මුහුණ දීම සඳහා යි.
පසුගිය ජුනි 27 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝණය කරමින් ඔවුන් “ඩරම්” ප්‍රදේශයේදී සැරිසරමින් සිටි බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධ වීඩියෝ සාක්ෂියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.