ඉරාක ගුවන් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයකින් බරපතල හානි

ඉරාකයේ ටාජි කඳවුර වෙත එල්ල වූ කත්යූෂා රොකට් ප්‍රහාරයකින් සැලකිය යුතු හානි සිදුව තිබෙනවා.


එක් රොකට්ටුවක් 15 වන බලඝණයේ ගුවන් යානයක් මතට වැටී ඊට සැලකිය යුතු හානි සිදුකළ අතර, දෙවැනි රොකට්ටුව කාලතුවක්කු හා අවි ගබඩාවට හානි සිදුකළ බව ඉරාක ආරක්ෂක අංශ පවසනවා. තුන්වැනි රොකට්ටුව පුපුරා ගොස් නැහැ.


බැග්ඩෑඩ් නගරයට උතුරින් පිහිටි මෙම කඳවුරේ ඇමරිකාව ප්‍රමුඛ විදෙස් සන්ධානයේ හමුදා ද රැඳී සිටිනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor