ළමයින්ගේ ආරක්ෂාවට ආරක්ෂක අමාත්‍යාංශය පෙරට එයි

ළමා අපයෝජනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව වැඩපිළිවෙළක් අරඹා ඇත.

මේ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ සමග ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඊයේ (27 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

ළමයින් සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මෙහිදී කීවේය.

පාසල් ළමයින් මත්ද්‍රව්‍ය උවදුරින් වළක්වා ගැනීම සඳහා පාසල් මට්ටමින් කමිටු පිහිටුවීම අරඹා ඇතැයිද ආරක්ෂක ලේකම්වරයා කියයි.

ළමා අපයෝජන ඇතුළුව ළමයින්ට සිදුවන හිංසනයන් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 කෙටි දුරකතන අංකයට වසරකට පැමිණිලි 550,000ක් ලැබෙන බවද මෙහිදී අනාවරණය විය.

Recommended For You

About the Author: Editor