කොවිෂීල්ඩ් එන්නත පිලිබද ඔබට දැනගන්නට යමක්..

සති 16කට පසු කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව පර්යේෂණ වලින් තහවුරුව තිබේ.

ඒ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.

එමෙන්ම එම පුද්ගලයින් ප්‍රමාද වී හෝ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයන්ගේ ප්‍රතිදේහ නිර්මාණය වීම සියයට 93.4ක් වන බවත් චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani