
නැන්ජිං හි ප්‍රථම වරට වාර්තා වූ කෝවිඩ් වයිරස බීජිං අගනුවර සහ තවත් පළාත් 5 ක ව්‍යාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජුලි 20 දින වෛරසය මුලින්ම හඳුනාගත් දා සිට මේ දක්වා පුද්ගලයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඒ හේතුවෙන් නැන්ජින් ගුවන් තොටුපලේ සිට සියලුම ගුවන් ගමන් අගෝස්තු 11 දක්වා අත්හිටුවන බවත් එරට ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
සංචාරය කරන අය ඇතුළුව නගරයේ වැසියන් මිලියන 9.3 ක්ම පරීක්‍ෂාවට ලක් කරන බවත් මෙම වෛරසය ආසාදනය වීම පිටුපස ඩෙල්ටා ප්‍රභේදය ඇති බවත් බලධාරීන් සදහන් කරයි.
නැන්ජිං හි සෞඛ්‍ය නිලධාරියෙකු වන ඩිං ජෙයි වාර්තාකරුවන්ට පැවසුවේ මෙම සිද්ධීන් ජූලි 10 වන දින රුසියාවට පැමිණි ගුවන් යානයක සේවය කළ පිරිසිදු කරන්නන් හා සම්බන්ධ බවයි.
මෙම පිරිසිදු කරන්නන් දැඩි සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවද සදහන් වේ.
මේ වන විට වෛරසය චෙංග්ඩු සහ බීජිං අගනුවර ඇතුළු අවම වශයෙන් නගර 13 කට වත් ව්‍යාප්ත වී ඇති බව පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙන අතර නැන්ජින්හි ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ ආසාදිතයින්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.