
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තැපැල් ඡන්දය ඉල්ලුම් කරන ලද ඡන්දදායකයන් 18,000 ක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ඡන්දදායකයෝ 705,085 දෙනකු සුදුසුකම් ලැබූහ. ප්‍රතික්ෂේප වී තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 47,430 කි.
ඉකුත් ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ඉල්ලුම් කරන ලද තැපැල් ඡන්දදායකයන්ගෙන් 5600 ක් සිය ඡන්දය ප්‍රකාශ කර නොතිබූ බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.