
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (29) වීදි සංචාරය කරයි.
ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් රාත්‍රී 7.13ට දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.