හිටපු මැලේසියා අගමැති නජීබ් රසාක් දූෂණ චෝදනාවලට වරදකරු වෙයි

හිටපු මැලේසියා අගමැති නජිබ් රසාක් වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාර්ඩ් (1MDB) අරමුදල සම්බන්ධව වූ දූෂණ නඩුවෙහි චෝදනා හතටම වරදකරු බව තීන්දු වී තිබෙනවා.
ඔහුට එරෙහි චෝදනා අතර මුදල් විශුද්ධිකරණය, බලය අයුතු ලෙස පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම ආදී චෝදනා වුණා.


අදාල අරමුදලේ මුදල්වලින් ඇමරිකන් ඩොලර් මිලියන 9.8 ක් සිය පුද්ගලික ගිණුමකට මාරු කිරීම පිළිබඳ රසාක්ට එරෙහිව චෝදනා ගොනු වී තිබුණා.


රසාක් 2009 සිට 2018 තෙක් මැලේසියාව පාලනය කළා. 2018 දී ඉතිහාසයේ පළමු වරට ඔහුගේ බරිසාන් නැසනාල් සන්ධානය ලැබූ මැතිවරණ පරාජයෙන් පසු ඔහුට එරෙහි චෝදනා පිළිබඳ පරීක්ෂණ ඇරඹුණා.ඔහුට එරෙහිව 1MDB සම්බන්ධව තවත් දූෂණ නඩු දෙකක් තිබෙනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor