මත් ජාවාරමුන් රැසකගේ ගිණුම්වල සංසරණය වූ කෝටි 100ක් අතුරුදහන්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසකගේ බැංකු ගිණුම්වල සංසරණය වූ රුපියල් කෝටි 100කට වැඩි මුදල් ප්‍රමාණයකට කුමක් සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

එම මුදල් සංසරණය වී ඇතත්, ඒවා ලබාගත් පුද්ගලයන් කිනම් ස්ථානවලට හෝ පුද්ගලයකුට මේවා ලබාදුන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරක් සොයා ගැනීමට ද හැකිවී නොමැති බව කියැවේ.

දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් රැසක් පිළිබඳ පොලිසිය විසින් තොරතුරු සොයාගෙන ඇති අතර, ඒවා සංසරණය වූ ආකාරය පිළිබඳත් ඒවා ලබාගත් පුද්ගලයන් පිළිබඳත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කරණ බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මීට අමතරව මේ ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි 20කට වැඩි වටිනාකමකින් යුත් නිශ්චල දේපළ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඉදිරියේ දී මේවා රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.

Recommended For You

About the Author: Editor