තර්ජනී නාට්‍යයේ ඩිරෙක්ටර් අප්සෙට්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කුරුණෑගල පැවති ජන හමුවට තර්ජණී සිවලිංගම්ව සහභාගි කරවා ලකුණු ලබා ගන්නට තැත් කළ නෙට්බෝල් පරිපාලනයට සම්බන්ධ ප්‍රබලයෙකු එය නිසියාකාරව සංවිධානය කර ගැනීමට අපොහොසත් වි තිබෙන බව වාර්තා වේ.

ලෝකයේ අංක එකේ දැල විදිනනිය බවට ගෞරවයට පත් තර්ජණිට එම රැස්වීමේ විශේෂ තැනක් වෙන් කොට ජනාධිපතිවරයා මුණ ගැස්වීමෙන් එයින් ජනාධිපතිවරයාටද විශේස ගෞරවයක් ලබා ගැනීමට ද තිබූ බව එම සිදුවීම අළලා එම පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන සාකච්ඡාවලින් පැහැදිළි වෙයි.නමුත් ඊට වඩා මේ සැළසුමට සම්බන්ධ වූ පිරිස් උත්සාහ කර ඇතතේ තර්ජණි  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැහැදී එම රැස්වීමට සහභාගී වී ජනතාව අතර සිටි බව පෙන්වීමටය.

තර්ජණි පරිපාලනයට සම්බන්ධ අයගේ උපදෙස් පිට ජනතාව අතරට ගිය ද,සිය නිල කබාය ඇදගෙන සිටීමෙන් යම් ආරාධනයකින් කැදවා මිනිසුන් අතර රඳවා ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරන බවක් පැහැදිළිවීමත්,ජනාධිපතිවරයාට ඇය සම්බන්ධ සියලු තොරතුරු නිවැරදිව පවසා සංවිධානය කර නොතිබීමත් නිසා  ජනාධිපතිවරයාද මේ සහභාගීත්වය නිසා අපහසුවට පත් විය.

එසේම තර්ජණි ද සිය හිතවත් කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ හිතවතුන්ගේ අප්‍රසාදයට පත් වී ඇත්තේ,නෙට්බෝල් ක්‍රීඩාව පහළට ඇද දැමූ බවට එල්ලවෙන චෝදනා සමඟය.ලෝක ප්‍රකට ක්‍රීඩිකාවක ලෙස ඇයට ලැබිය යුතු සැළකීම නොදී තමන්ගේ දේශපාලන අරමුණට මුල් තැනට දී කටයුතු කළ පරිපාලන චරිතය ගැන ද මේ වන විට කේෂ්ත්‍රයේ කතාබහට ලක් වෙමින් තිබෙන අතර, ලෝක ප්‍රකට දැල්පන්දු ක්‍රීඩිකාවක සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට පහත් අන්දමින් යොදා ගත් අයෙකුගෙන් රටේ නෙට්බෝල් ක්‍රීඩාවේ පරිපාලනයට කුමන අන්දමේ දායකත්වයක් අපේක්ෂා කළ හැකිද යන්න මේ වන විට බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වි තිබෙන මාතාකාවක් වී ඇත.

දේශපාලන වශයෙන්ද ලෝක මට්ටමේ ක්‍රීඩිකාවට ජනාධිපතිවරයාගේ රැස්වීමක නිසි පිළිගැනීමක් ලැබෙන විදිහට එක් කර ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වන චෝදනා ද එම පරිපාලන චරිතය පිටටම වැටෙමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානියක් සිදු කල බවට එල්ලවෙන චෝදනා සමඟින්ය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor